වසන්ත සමරසිංහගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියාසිටින්නේ යෝජිත “මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ” අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් එම බැංකුවේ ස්වාධීන භාවයට බරපතල අනතුරක් සිදුවන බවයි.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත හරහා විෂයභාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වීමට අවකාශ සැලසෙන අතර එම බැංකුව පාර්ලිමේන්තුවේ පාලනයෙන් මිදෙන ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා.

මේ හරහා ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමේ සඳහන්.

එබැවින් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රශ්නගත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4 යන වගන්ති උල්ලංඝනය වන බව පෙත්සම මගින් ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි අදාළ පෙත්සම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30