සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 11ක් තහවුරු කර අවසන් – මුදල් රාජ්‍ය ඇමැති

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වටසටහනේ ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර කර අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මෙම ප්‍රතිලාභී වැඩසටහන සදහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලැබී ඇති අයදුම්පත් ගණන ලක්ෂ 37ක්.

දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 46%ක් බව මුදල් රාජ්‍ය අමත්‍යංශය පැවසුවා.

එම අමත්‍යංශය පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ 34%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 32%ක් ද වශයෙන් දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කෙරුණු බවයි.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වන දිනෙන් අවසන් වන බැවින් තොරතුරු සමීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් වෙත නිවැරදි දත්ත ලබා දෙන ලෙසට අමාත්‍යවරයා වැඩි දුරටත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?