ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් සුපිරි සොයා ගැනීමක්

භෞතික විද්‍යාවේ පෙරළියක් කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සුපිරි සන්නායක මූලද්‍රව්‍යයක් සොයා ගෙන තිබෙනවා.

අමෙරිකාවේ ”නිව් සයන්ටිස්ට්” විද්‍යා සඟරාව මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රෝචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායම විසිනුයි.

වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව මහාචාර්යව රංග ඩයස් මහතා ඇතුළු කණ්ඩායම සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථයක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම සුපිරි සන්නායක ද්‍රව්‍යය නිර්මානය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටේෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙන් බව සඳහන්.

නයිට්‍රජන් මුසුකල ලුටිෂියම් හයිඩ්‍රයිඩ් ප්‍රදාර්ථය ලෙසටයි එය හඳුන්වා ඇත්තේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට තවත් තැනකට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේදී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමයි.

විදුලි හානියකින් තොර අධිබල විදුලිය සම්ප්‍රේශණය කිරිම, ඝර්ශනයකින් තොරව පොළවට මදක් ඉහළින් ගමන් කරන අධිවේගී දුම්රිය ධාවනය, අඩු වියදමින් MRI තාක්ෂණය ක්‍රියාත්මක කිරිමට හැකිවීම ආදිය සඳහා මෙය යොදා ගැනීමේ හැකියාවක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සහකාර මහාචාර්ය රංග ඩයස් මහතා,

“මම කිසිදවසක මේ ආකාරයේ වර්ණය වෙනස් කරනු ලබන අමුද්‍රව්‍යයක් දැකලා නැහැ. එය පළමුව නිල් පාට වර්ණයෙන් දිස්වෙනවා. පසුව එයට පීඩනයක් යෙදීමෙන් දීප්තිමත් රෝස පැහැයක් ගනු ලබන අතර තවදුරටත් පීඩනයක් යොමුකිරිමෙන් දීප්තිමත් රතු වර්ණයක් ගනු ලැබුවා. මම මගේ සිසුන් සමග විහිළුවක් කරමින් පැවසුවේ අපි එය රෙඩ්මැටර් නැත්නම් රතු පදාර්ථයක් ලෙස හඳුන්වමු කියා. මන්ද එය ඇත්තටම ආකර්ෂණීයයි. මෙම සොයාගැනීම මගින් විශේෂයෙන් ප්‍රතිරෝධයකින් තොරව විදුලිය සම්ප්‍රෙෂණය කිරීමටත් බලශක්තිය ගබඩා කිරීමටත් ඉඩ සැලසෙනවා. ඒ වගේම න්‍යෂ්ඨික සංයෝජනය ක්‍රියාවලියෙන් අසීමිත සුනිත්‍ය බලශක්තියක් උත්පාදනය කිරීමටත් එය අපේ අවශ්‍යතා සඳහා යොදාගැනීමටත් ක්‍රියාත්මක උත්සාහය පිළිබඳව ඔබ අසා ඇති. රෙඩ්මැටර් වැනි සුපිරි සන්නායකයක යොදාගැනීම්දී එවැනි ප්‍රතිඵලයක් අත්කර ගත හැකියි.”

“සුනිත්‍ය බලශක්තිය කාලගුණ වෙනසට පිළියමක් ලෙසද වැදගත්. ඒ වගේම මැග්නටික් ලැවිටේෂන් නැත්නම් අවකාශයෙන් අධිවේගයෙන් ධාවනය සඳහා මෙම සුපිරි අධිසන්නායක යොදාගත හැකි නිසා එය ප්‍රවාහනය සඳහාද වැදගත්. එහිදී එම ද්‍රව්‍ය අධිවේගී දුම්රිය ධාවනය සඳහා ඝර්ෂණයෙන් තොර දුම්රිය මාර්ග නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි අතර බලයකින් තොරව එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කළ හැකිවනවා. එපමණක් නොවෙයි වැඩි බැටර් ආයුකාලයක් සහිත විදුලි වාහන, විද්‍යුත් ගුවන්යානා දුරකථන ඇතුළු අප භාවිතාකරන උපකරණවල ක්‍රියාකාරීත්වයද මෙමගින් විශාල ලෙස වැඩිදියුණු කළ හැකියි.”

රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වොෂින්ටන් සරසවියෙන් ලබාගෙන තිබෙනවා.

ඔහු පශ්චාත් ආචාර්ය උපාධි ශිෂ්‍යත්වයක් ලැබ හාවඩ් සරසවියේ පර්යේෂණවල නිරතවීමෙන් අනතුරුවයි රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයකු ලෙස මේ වන විට කටයුතු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05