ව්‍යාජ මැණිකක් අලෙවි කිරීමේ උත්සාහය වරදී

ව්‍යාජ මැණික් ගලක් රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ අරලගංවිල මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

සැකකරු නිධානයකින් ලබාගත් මැණිකක් බවට පවසා පිඹුරත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට රුපියල් ලක්ෂ 5කට මෙම ව්‍යාජ මැණික අලෙවි කිරීමට උත්සාහ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට ගැණුනේ.

මෙම තරුණයා අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?