හිටපු මුදල් ඇමති රවී ගැන අද ලැබුණු නියෝගය

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බැවින් ඔහුට එරෙහි නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නීතිපතිවරයාට නියෝග කළා.

අදාළ නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදී රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ තම සේවාදායකයාට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බවයි.

එම තීන්දුවේ පිටපතක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

එය පරීක්ෂාවට ලක් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරු ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය විසින් කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කර ඇති නිසා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා තීන්දුවක් ගත යුතු බවයි.

සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය තීන්දුව පිරික්සීමේදී කරුණානායක මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යා නොහැකි ආකාරයක් පෙනී යන්නේ යැයි ද සඳහන් කර සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

මෙම කරුණට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීම් කළා.

එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නඩුව අප්‍රේල් මස 27 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළ අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබෙනවා.

2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන තිස් හයකට ආසන්න බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළ යැයි කියා තිබුණේ නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51