එක සැමියෙක් බෙදා ගන්න බිරින්දෑවරුන් දෙදෙනෙකු අතර අපූරු එකඟතාවක්

එක් සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූරු එකගතාවකට පැමිණි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන් දෙදෙනාටම දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ.

බිරින්දෑවරුන් දෙදෙනා ඇති කරගත් එකගතාවට අනුව සතියේ මුල් දින තුන එක් භාර්යාවක් සමගත් ඊළග දින තුන අනෙක් බිරිඳ සමගත් ගත කිරීමට තීරණයට එළඹ ඇති අතර ඉරිදා දිනය මෙම සැමියාට තනිව සිටීමටයි අවස්ථාව හිමිවී ඇත්තේ.

මෙම පවුලේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය සමනයකට පත් කිරීම සඳහා අධිකරණයට යොමු වී ඇති අතර එහිදී පත් කරනු ලැබූ උපදේශකවරයෙකු යටතේ ඔවුන් මෙම එකගතාවට එළඹ ඇතැයි සඳහන්.

මෘදුකාංග ඊංජිනේරුවරයෙකු වන සැමියාගේ මාසික වැටුප වන ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස් දහස ද බිරින්දෑවරුන් දෙදෙනා අතර සමසේ බෙදි යනු ඇති.

ඔහුගේ මහල් නිවාස දෙක ද බිරින්දෑවරුන් දෙදෙනාට ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

ඔහු දෙදෙනා සමඟ ජීවත් වීමට බැඳී නොමැති අතර ඕනෑම තැනක ජීවත් වීමට නිදහස පවතිනවා.

මෙම ගිවිසුම කඩ කළහොත් පළමු බිරිඳට එම පුද්ගලයාට එරෙහිව අධිකරණයට යා හැකි බවටයි ගිවිසුමේ සඳහන් වන්නේ.

මෙම බිරින්දෑවරුන් දෙදෙනා සහ සැමියා මෙලෙස ඇති කර ගත් ගිවිසුම වැනි ගිවිසුම් නිසා ඒ සඳහා දඬුවම් ලැබීම වළක්වනු ලැබුවද, ඉන්දියාවේ භාර්යාවන් දෙදෙනෙකු තබා ගැනීම අපරාධයක් ලෙසටයි සැලකෙන්නේ.

ආරවුල සුහදව විසඳා ගැනීම සඳහා ජනවාරි මාසයේදී අධිකරණය විසින් පත් කරන ලද උපදේශක නීතිඥ හරීෂ් දේවන් පැවසුවේ එම පුද්ගලයා 2018 වසරේ මැයි මාසයේදී 26 හැවිරිදි කාන්තාවක් සමඟ විවාහ වූ බවයි.

ඔවුන් දෙදෙනාම ගුර්ගෝන් හි සමාගමක සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවන් බව සඳහන්. 2020 වසරේ දී, කාන්තාව ගැබ්ගත් අතර, කොවිඩ් වසංගතය පැතිරීමත් සමඟ, ඔහු ඇයව ග්වාලියර් හි ඇගේ දෙමාපියන්ගේ නිවසට පිටත් කර යවා තිබෙනවා.

COVID 19 හේතුවෙන්, ගමනාගමනය සීමා කර තිබීම හේතුවෙන් සැමියා බිරිඳට උපදෙස් දී ඇත්තේ ඇගේ පවුලේ අය සමඟ රැඳී සිටින ලෙසටයි.

ඔහු නැවත Gurgaon වෙත ගොස්, නැවත 2021 වසරේ දී, එම ආයතනයේම සේවය කළ වෙනත් කාන්තාවක් සමඟ විවාහ වූයේ, ඔහු සමග තිබූ සබඳතාවයකින් ඇය ගැබ් ගැනීමෙන් පසුවයි.

දෙවන බිරිඳ 2021 ජූලි මාසයේදී ගැහැණු ළමයෙකු බිහි කළ අතර මේ කාලය පුරාම ඔහුගේ පළමු බිරිඳට නැවත පැමිණීමට අවශ්‍ය වූව ද ඔහු ඇයව මග හැරීමට පටන් ගෙන තිබූ බව සඳහන්.

මෙම වසරේ ජනවාරි මාසයේදී, පළමු බිරිඳගේ පවුල ඔහුට හමුවීමට නොයිඩා වෙත ගිය අතර, ඔහු දරුවෙකු සිටින වෙනත් බිරිඳක් සමඟ ජීවත් වන බවයි එහිදී සොයා ගෙන ඇත්තේ.

ඇතිවූ ආරවුලකින් පසු ඔවුන් නොයිඩා හි ප්‍රාදේශීය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.

පළමු බිරිඳ ග්වාලියර්හි පවුල් අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කරට ඇති අතර අඟහරුවාදා නඩුව විභාග කිරීමට පෙර සම්මුතියකට පැමිණීමට උත්සාහ කරන ලෙසටයි අධිකරණය දැනුම් දී ඇත්තේ.

උපදේශක දේවාන් පැවසුවේ, උපදේශකයෙකු වශයෙන් තමාගේ පළමු උත්සාහය වන්නේ ගැටලුව විසඳීම බවයි.

පළමු බිරිඳට තම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් සැමියා අවශ්‍ය වූ අතර, සැමියා සිරගත කිරීමට අවශ්‍යතාවක් තිබී නැහැ.

දෙවන භාර්යාව පළමු බිරිඳ සමඟ ගැටලුවකින් තොරව ජීවත් වීමට සූදානම්ව සිටිය ද සැමියා පළමු බිරිඳ සමඟ ජීවත් වීමට කැමති වී නැහැ.

ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 494 වගන්තිය යටතේ භාර්යාවන් දෙදෙනෙකු තබා ගැනීම නීති විරෝධී බව උපදේශකවරයා සැමියාට පැහැදිලි කිරීමෙන් අනතුරුවයි ඔහු භාර්යාවන් දෙදෙනා අතර සියල්ල බෙදා දීමට එකඟ වී ඇත්තේ.

හින්දු විවාහ පනතට අනුව එය නීත්‍යානුකූල නොවන නමුත්, තිදෙනාට අන්‍යෝන්‍ය අවබෝධයෙන් ගිවිසුමේ කොන්දේසි අනුව ජීවත් විය හැකියි. ගිවිසුම කඩ කළ හොත් පළමු බිරිඳට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16
Video thumbnail
බිළිඳු සිරුරෙන් හෙළි වු අහස පොළොව නුහුලන කතාව..තාත්තා තවම පාසල් යනවා..අම්මට අවු :14යි..
03:27
Video thumbnail
හෝමාගම බස් නැවතුම හදිසියේම පරීක්ෂා කරයි..වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ..
05:11
Video thumbnail
මරික්කාර් තනියම නැගිටලා හතර වටේටම හොඳම එකෙන් අමතයි..පච කියනවා කියලා මෙහෙමත් පච කියනවද?
08:54
Video thumbnail
බාල වයස්කාර තරුණියගෙන් බිහිවූ දරුවාගේ පීතෘත්වය තහවුරු කරගන්න බිළිඳු සිරුර ගොඩගයි
02:46
Video thumbnail
හර්ෂද සිල්වා හදිස්සියේම ලයිව් ඇවිත් කිව්ව දේ..හර්ෂද සිල්වා ආණ්ඩුවට යන්නද යන්නේ ?
01:48
Video thumbnail
මූල්‍ය කළමණාකරනය ගැන රෝහිනී කට අරියි..ලක්ෂ 5000ක මුදලක් මහා භාණ්ඩාගරයෙන් ගිහින්..
04:04
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37