නිරුවත් ඡායාරූප පෙන්නා අනියම් සැමියා ලක්ෂ 27 කප්පම් අරන්

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවටත්, එම ඡායාරූප සැමියාට දෙන බවටත් පවසමින් කාන්තාවකගෙන්
අවස්ථා කිහිපයක දී රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදලක් කප්පම් වශයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීපුර පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

පදවි, ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියකගෙන් අදාළ පුද්ගලයා මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අදාළ කාන්තාව සමඟ කලක සිට අනියම් සම්බන්ධතාවක් පවතවාගෙන ගොස් ඇති අතර, එහිදී හුවමාරු වූ කාන්තාවගේ නිරුවත් ඡායාරූප මෙලෙස අන්තර්ජාලයට මුදාහරින බවත්, කාන්තාවගේ සැමියාට බලදෙන බවත් පවසා ඇයව බිය ගන්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස බිය ගන්නවා 2019 වසරේ සිට මෙම කාන්තාවගෙන් අවස්ථා කිහිපයකදී මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව සඳහන්.

සැකකරු නාරම්මල පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර, කාන්තාව ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක තැනතියක්.

කාන්තාව විසින් මේ සම්බන්ධයෙන් පසුගිය 11 වනදා ශ්‍රීපුර පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01