විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (13) වරෙන්තු නිකුත් කළා.

ඒ, ඔහු ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ලක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

විමල් වීරවංශට අමතරව මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක ඇතුළු හත්දෙනෙකු මෙහි සැකකරුවන් වශයෙන් නම්කර තිබෙනවා.

මෙම නඩුව ලබන ජුනි මස 19 දින යළි කැඳවීමටයි විනිසුරුවරයා නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?