එක නිවසේ ජීවත් වූ අනාගත සැමියාගෙන් තරුණියකට තියුණු ආයුධ ප්‍රහාරයක් (ඡායාරූප)

මොරගහහේන, වීදියගොඩ, මොහොට්ටිගොඩ නිවසට අද (12) අලුයම් කාලයේ කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි තරුණියකට තියුණු ආයුධයකින් පහර දී පළාගොස් තිබෙනවා.

පහර කෑමට ලක්වූ තරුණිය බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි මොරගහහේන පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන අතර, ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් ලෙස සේවය කළ බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකර ඇත්තේ මෙම තරුණිය විවාහ වීමට සිටි පුද්ගලයා බවට හඳුනාගෙන ඇති අතර, පසුව ඔහු පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විවාහක පුද්ගලයකු වන අතර, නීත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වීමෙන් අනතුරුව මෙම නිලධාරිනිය සමඟ විවාහවීමේ බලාපොරොත්තු ඇතිව ඇය සමඟ එක නිවසක වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ තරුණිය තවත් පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට කෙටි පණිවුඩයකින් සැකකරුට දැනගැනීමට ලැබීමෙන් පසු දෙදෙනා අතර බහින් බස්වීම් ද පසුගිය දිනවල හටගෙන තිබූ බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු බදුරලිය ප්‍රදේශයේ ඔහුට අයත් වත්තකට යන බව පවසා නිවසින් පිටව ගොස් අද (12) අලුයම් කාලයේ  හොර රහසේ යළි නිවසට පැමිණ තරුණිය නින්දේ සිටිය දී නිවසෙහි ඉදිරිපස ජනෙල් වීදුරුව බිඳ නිවසට ඇතුළු වී තියුණු ආයුධයකින් ඇයට ප්‍රහර කිහිපයක් එල්ල කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ තැනැත්තිය නිවසේ සාලය මැද වැටී සිටිය දී 1990 සුවසැරිය ගිලන් රථයෙන් වෑතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20