එක නිවසේ ජීවත් වූ අනාගත සැමියාගෙන් තරුණියකට තියුණු ආයුධ ප්‍රහාරයක් (ඡායාරූප)

මොරගහහේන, වීදියගොඩ, මොහොට්ටිගොඩ නිවසට අද (12) අලුයම් කාලයේ කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි තරුණියකට තියුණු ආයුධයකින් පහර දී පළාගොස් තිබෙනවා.

පහර කෑමට ලක්වූ තරුණිය බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි මොරගහහේන පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන අතර, ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් ලෙස සේවය කළ බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකර ඇත්තේ මෙම තරුණිය විවාහ වීමට සිටි පුද්ගලයා බවට හඳුනාගෙන ඇති අතර, පසුව ඔහු පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විවාහක පුද්ගලයකු වන අතර, නීත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වීමෙන් අනතුරුව මෙම නිලධාරිනිය සමඟ විවාහවීමේ බලාපොරොත්තු ඇතිව ඇය සමඟ එක නිවසක වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ තරුණිය තවත් පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට කෙටි පණිවුඩයකින් සැකකරුට දැනගැනීමට ලැබීමෙන් පසු දෙදෙනා අතර බහින් බස්වීම් ද පසුගිය දිනවල හටගෙන තිබූ බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු බදුරලිය ප්‍රදේශයේ ඔහුට අයත් වත්තකට යන බව පවසා නිවසින් පිටව ගොස් අද (12) අලුයම් කාලයේ  හොර රහසේ යළි නිවසට පැමිණ තරුණිය නින්දේ සිටිය දී නිවසෙහි ඉදිරිපස ජනෙල් වීදුරුව බිඳ නිවසට ඇතුළු වී තියුණු ආයුධයකින් ඇයට ප්‍රහර කිහිපයක් එල්ල කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ තැනැත්තිය නිවසේ සාලය මැද වැටී සිටිය දී 1990 සුවසැරිය ගිලන් රථයෙන් වෑතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
11
හරි හිනා !
10
හම්මෝ !
11
මාර දුකයි !
63
මලපනිනව !
41
කුජීතයි !
20
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?