ව්‍යාජ ලේඛනවලින් ලියාපදිංචි කළ සුඛෝපභෝගී ජීප් රථයක්

මෝටර් රථ ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත වෙනස්කර ලියාපදිංචි කළ බවට සැකකරන සුඛෝපභෝගී ජීප් රථයක් කිරිබත්ගොඩ නිවසක තිබියදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය පවසනවා.

එම සුඛෝපභෝගී ජීප් රථයේ කොටස් මෙරටට ආනයනය කර එකලස් කරනලද හෝ සොරකම් කර ඇති බවට සැක කරන රථයකට අදාළව කූට ලේඛණ සකසා ලියා පදිංචි කර කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

නිවසේ සිටි පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය මීට වසර දෙකකට පමන ඉහත දී හෝමාගම ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 65 ක මුදලකට මිලදී ගත් බවට ප්‍රකාශ කර තිබුණා.

මෙම වංචාවට සම්බන්ද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දැනට තහවුරු කරගත් තොරතුරු
මහර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන බව දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය පැවසුවා.

සුඛෝපභෝගී ජීප් රථය කිරිබත්ගොඩ පොලීසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17