ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් බිලියනයක ණය මුදලක් භාවිතයට කල් ලබා ගැනීමට ශ්රී ලංකාව ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව වර්තාවනවා.
රොයිටර් පුවත් සේවය පවසන්නේ ඉන්දියාවෙන් ගත් එම ණය මුදලෙන් තුනෙන් දෙකක් එනම් ඩොලර් මිලියන 700 ක් පමණක් මේ වනවිට භාවිත කර ඇති බවයි.
ඖෂධ සහ ආහාර සඳහා භාවිත කර ඇති එම ණය මුදලෙන් තවත් ඩොලර් මිලියන 300 ක් ඉතිරිව ඇති අතර එය භාවිතයට ලබා දුන් කාලය මාර්තු 17 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් නුදුරේදීම අනුමත කර ගැනීමට සුදානමින් සිටින බැවින් එතෙක් මෙම ණය මුදල භාවිතය සදහා තවත් මාස 6 – 12 ත් අතර අමතර කාලයක් ලබා දෙන ලෙසට ඉන්දීය රජයෙන් ලංකා රජය ඉල්ලීමක් කර ඇති බවයි.
