මෛත්‍රීගේ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන්න තීරණය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නා.

මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සිරිල් ගාමිණි පියතුමා ඇතුළු දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණ හමුවේ මීට පෙර කරුණු දක්වමින් මෙම නඩුකරය පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීම යෝග්‍ය බව දන්වා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් වූ අභියාචනාධිකරණය නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා මෛත්‍රීපාල සිරිසේනට සිතාසි නිකුත් කළා.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
00:00
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37
Video thumbnail
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු බලන්න දෙහිවල පොලීසියට ආ සජිත්..තොරතුරු මුද්‍රණය කිරීමද වරද ?
06:15
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් නිසා චමින්ද පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය මුලසුනට අගෞරව කළේ
02:21
Video thumbnail
මරික්කාර් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..ඔයාලා ආවට පස්සේ ජාවාරම දිගින් දිගට වෙනවා
04:19
Video thumbnail
තලපති විජේගේ ජයග්‍රහණය පුස්සල්ලාවේ ජයටම සමරපු හැටි..මිනිස්සු එකතුවෙලා කේක් කපයි
02:56
Video thumbnail
කාලගුණය උඩි යටිකුරු වෙයි..මෙන්න නොසිතූ වෙනසක්..වායුගෝලයේ කැලඹෙන ස්වාභාවයක්?
02:46
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11