ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිල අඩු වනු ඇති බවට ශ්‍රී ලංකා මහබැංකුව විශ්වාසය පල කරනවා
මහ බැංකුව පවසන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන මිල අඩුකිරීමට හැකිවනු ඇති බවයි.
ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශ මුදල් විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 334.50 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 348.03 ක් ලෙස දැක්වුණා.
විශේෂඥයින්ට අනුව රුපියලේ අගය ඉහළ යාම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ලබා ඇති ප්‍රගතිය, ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම හා ආයෝජකයින් අතර විශ්වාසය ඉහළ යාම හේතුවී තිබෙනවා.

See ahead
Ekane api duppath kamin kannawath nethuwa lankawata wela innee…