උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට දී තිබෙනවා.

ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සුවිශේෂී සිදුවීම් රැසක් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය තුළ සුදු වී තිබීම හේතුවෙන් බෞද්ධයන්ට මෙම පොහෝ දිනය වැදගත් වනවා.

මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණ බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීම, ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙළීමට බුදුන් වහන්සේ විසින් යමාමහ පෙළහර පෑම, නන්ද කුමරු හා රාහුල කුමරු සසුන්ගත වීම, සුද්ධෝධන රජු තෙවන වරටත් බුදු හිමියන්ට නමස්කාර කිරීම යනාදී කරුණුු සිදුව ඇති බව ඉතිහාසයේ සඳහන් වනවා.

එමෙන්ම මැදින් පොහොය මෙරට බෞද්ධයාට වැදගත් වන්නේ එය සිරිපා පෝය ලෙසින් පිළිගැනීම හේතුවෙන්.

සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ මුදුනට යන්නේ මැදින් පෝය දිනයටයි.

ඒ, හේතුවෙන් මේ පෝය සිරිපා පෝය ලෙසට ජන සම්මතයක් ගොඩ නැගී තිබෙනවා.

පරිසරය වියළි නිසා ගමන් යෑමේ පහසුව මත ජනතාව බක්මහට පෙර සිරිපා කරුණාකර එයින් මහත් කුසල් රැස් කර ගැනීමට වෑයම් කිරීම නිසාම මැදින් පෝය දිනයේදී නන් දෙසින් බෞද්ධ ජනතාව සිරිපා මළුවට එක් රොක් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05