spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට දී තිබෙනවා.

ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සුවිශේෂී සිදුවීම් රැසක් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය තුළ සුදු වී තිබීම හේතුවෙන් බෞද්ධයන්ට මෙම පොහෝ දිනය වැදගත් වනවා.

මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණ බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීම, ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙළීමට බුදුන් වහන්සේ විසින් යමාමහ පෙළහර පෑම, නන්ද කුමරු හා රාහුල කුමරු සසුන්ගත වීම, සුද්ධෝධන රජු තෙවන වරටත් බුදු හිමියන්ට නමස්කාර කිරීම යනාදී කරුණුු සිදුව ඇති බව ඉතිහාසයේ සඳහන් වනවා.

එමෙන්ම මැදින් පොහොය මෙරට බෞද්ධයාට වැදගත් වන්නේ එය සිරිපා පෝය ලෙසින් පිළිගැනීම හේතුවෙන්.

සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ මුදුනට යන්නේ මැදින් පෝය දිනයටයි.

ඒ, හේතුවෙන් මේ පෝය සිරිපා පෝය ලෙසට ජන සම්මතයක් ගොඩ නැගී තිබෙනවා.

පරිසරය වියළි නිසා ගමන් යෑමේ පහසුව මත ජනතාව බක්මහට පෙර සිරිපා කරුණාකර එයින් මහත් කුසල් රැස් කර ගැනීමට වෑයම් කිරීම නිසාම මැදින් පෝය දිනයේදී නන් දෙසින් බෞද්ධ ජනතාව සිරිපා මළුවට එක් රොක් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?