රවී කරුණානායකට එරෙහි බැඳුම්කර චෝදනා පවත්වාගෙන යෑමට නොහැකියි – අභියාචනාධිකරණය

බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකකට අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

2016 වසරේ මාර්තු මස 29 වනදා සහ 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් සෝභිත සහ ධම්මික ගනේපොල යන මහත්වරු මේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන්නා.

තමන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කොට නඩු වලින් තමන්ව ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා රවි කරුණානායක මහතා විසින් මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් දීර්ඝ ලෙස විභාග කල අභියාචනාධිකරණය රවී කරුණානායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බව තීරණය කරමින් නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12