රවී කරුණානායකට එරෙහි බැඳුම්කර චෝදනා පවත්වාගෙන යෑමට නොහැකියි – අභියාචනාධිකරණය

බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකකට අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

2016 වසරේ මාර්තු මස 29 වනදා සහ 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් සෝභිත සහ ධම්මික ගනේපොල යන මහත්වරු මේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන්නා.

තමන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කොට නඩු වලින් තමන්ව ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා රවි කරුණානායක මහතා විසින් මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් දීර්ඝ ලෙස විභාග කල අභියාචනාධිකරණය රවී කරුණානායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බව තීරණය කරමින් නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23