බසයක් තුළ හෙදියකට හදිකළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

කොළඹ සිට අලුත්ගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක නිල ඇඳුමෙන් ගමන් කරමින් සිටි පුහුණු හෙදියකට ලිංගික හිංසනයක් සිදුකර ඇති බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටී පොලිස් පරීක්ෂකවරයා ඊයේ (27) පස්වරුවේ එම හෙදියට බස් රථය තුළ දී ලිංගික හිංසනයක් කර ඇති බවටයි පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය අසල රැදී සිට පපු ප්‍රදේශයේ අත ගෑ බවට පුහුණු හෙදිය බසයේ දී පැවසීමත් සමගින් උරණ වූ මගීන් පොලිස් පරීක්ෂකවරයාට පහරදී පොලිසියට භාරදී ඇති බව සඳහන්.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙසින් රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !