රටට බලපා ඇති දරුණු තුවාලය සුවකිරීම සඳහා ජනපතිට අසීරු තීරණ ගැනීමට සිදුවුවත් සැප්තැම්බර් – දෙසැම්බර් වන විට ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.
මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂික හමුවකට සහ පළාත් පාලන අපේක්ෂක හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
බඩු මිල අඩු කරමින් යන අතර තුර විදුලි බිල ද ඉදිරියේ දී අඩු කිරීමට හැකිවනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
රට භාර ගැනීමට කතා කළ මොහොතේ කිසිඳු චකිතයකින් තොරව රට භාරගනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බව සඳහන් කළ නියෝජ්‍ය නායකවරයා, එම අවස්ථාවේ දී දේශපාලනය ගැන නොසිතා ජනතාව ගැන සිතා ඔහුගේ දැක්මට අනුව රට ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වූ බවයි පවසා සිටියේ.



