යතුරුපැදි අනතුරකට ලක්වූ පුද්ගලයෙකු මිතුරෙකුගේ නිවසේදී මියයයි ඡායාරූප)

යතුරුපැදි අනතුරකට ලක්ව සිටි පුද්ගලයෙකු නිවසකදී මියයාම සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කැකිරාව ගලෙන්බිඳුනුවැව මාර්ගයේ යකල්ල මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අසල ගොඩ ගසා තිබූ පස් කණ්ඩියක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (23) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පුද්ගලයන් දෙදෙනෙකු සමග ගලෙන්බිඳුණුවැව සිට කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය මාර්ගයේ තිබූ පස් කන්දක ගැටීමෙන් යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා යකල්ල රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා නිවසට පැමිණ තිබෙනවා.

යතුරුපැදිය පැදවූ පුද්ගලයාට මතුපිටින් පෙනෙන ආකාරයේ තුවාල සිදුවී නොමැති අතර අනතුරින් පසු ඔහු තම මිතුරකුගේ නිවෙසට ගොස් නිදා ගෙන ඇතැයි සඳහන්.

අද උදෑසන කාලයේ නිවසේ හිමිකරු අනතුරට ලක්වූ පුද්ගලයා අවදි කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවට හෙළිවීමෙන් අනතුරුවයි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය ස්ථානාධිපති දැනුවත් කර ඇත්තේ.

අනතුරුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පුබුදු ගම්මානය, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක් පමණ වන තිදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය මෙහෙයවනු ලබනවා.

9 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23