spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි අනතුරකට ලක්වූ පුද්ගලයෙකු මිතුරෙකුගේ නිවසේදී මියයයි ඡායාරූප)

යතුරුපැදි අනතුරකට ලක්ව සිටි පුද්ගලයෙකු නිවසකදී මියයාම සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කැකිරාව ගලෙන්බිඳුනුවැව මාර්ගයේ යකල්ල මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අසල ගොඩ ගසා තිබූ පස් කණ්ඩියක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (23) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පුද්ගලයන් දෙදෙනෙකු සමග ගලෙන්බිඳුණුවැව සිට කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය මාර්ගයේ තිබූ පස් කන්දක ගැටීමෙන් යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා යකල්ල රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා නිවසට පැමිණ තිබෙනවා.

යතුරුපැදිය පැදවූ පුද්ගලයාට මතුපිටින් පෙනෙන ආකාරයේ තුවාල සිදුවී නොමැති අතර අනතුරින් පසු ඔහු තම මිතුරකුගේ නිවෙසට ගොස් නිදා ගෙන ඇතැයි සඳහන්.

අද උදෑසන කාලයේ නිවසේ හිමිකරු අනතුරට ලක්වූ පුද්ගලයා අවදි කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවට හෙළිවීමෙන් අනතුරුවයි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය ස්ථානාධිපති දැනුවත් කර ඇත්තේ.

අනතුරුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පුබුදු ගම්මානය, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක් පමණ වන තිදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය මෙහෙයවනු ලබනවා.

9 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?