ආක්ෂේ කුමාර්ගෙන් ගිනස් වාර්තාවක් (ඡායාරූප)

බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර් නව ගිනස් වාර්තාක් පිහිටුවා තිබෙනවා. ඒ විනාඩි 3ක කාලයක් ඇතුලත සෙල්ෆි ඡායාරූප 184ක් ලබා ගනිමින්.

සුපිරි නළුවෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන ආක්ෂේ කුමාර් විනාඩි තුනකින් වැඩිම සෙල්ෆි ඡායාරූප 184ක් ලබා ගනිමින් මීට බිඳ දමා ඇත්තේ සෙල්ෆි ඡායාරූප 168ක් ලබා ගෙන එක්සත් රාජධානියේ ජේම්ස් ස්මිත් වාර්තාවක් තබා තිබූ වාර්තාවයි.

ආක්ෂේගේ සාර්ථක වාර්තාගත උත්සාහය මුම්බායි හි Mehboob Studios හිදී සිදු වූ අතර, ඊට ඔහුගේ රසික රසිකාවියන් 240 දෙනෙකු රැස්ව සිටියා.

55 හැවිරිදි ආක්ෂේ, ඔහුගේ රසිකයින් සමග මෙම සෙල්ෆි ලබාගෙන තිබෙනවා.

ඔහු මෙම මිනිත්තු තුන තුළ ඡායාරූප 209ක් ලබා ගෙන තිබුණ ද ඉන් ඇතැම් ඡායාරූපවල මුහුණු පැහැදිළි නොවීම හේතුවෙන් වාර්තාවට සුදුසුකම් ලබා නැහැ.

මෙම ගිනස් වාර්තාවේ නීතිවලට අනුව, ඡායාරූපයේ පෙනී සිටින පුද්ගලයන් හඳුනා ගැනීමට හැකිවිය යුතු අතර මුහුණු හෝ සිරුරේ කොටස් කැපී නොයන ආකාරයෙන් ඡායාරූපයට ඇතුලත්ව තිබිය යුතුයි. එමෙන්ම සියලුම සෙල්ෆි ප්‍රමාණවත් තරම් දීප්තිමත් විය යුතුද වනවා.

ගිනස් වාර්තා කමිටුව වෙනුවෙන් එක්ව සිටි විනිසුරු හමුවේ සුපිරි නළුවා ප්‍රකාශ කර ඇත්තේ අනාගතයේදී ශාරීරික යෝග්‍යතා වාර්තා කිහිපයක් බිඳ දැමීමට ද තමා කැමැත්තෙන් පසුවන බවයි.

අක්ෂේ මෙම ගිනස් වාර්තාව තබා ඇත්තේ අද සිනමාහල්වල තිරගත වන ඔහුගේ නව චිත්‍රපටය වන “සෙල්ෆි” (Selfiee) ප්‍රවර්ධනය කිරීම සඳහායි.

රාජ් මෙහ්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද, සෙල්ෆි යනු 2019 වසරේ විකාශය වූ මලයාලම් ප්‍රහසන නාට්‍යයක (Driving Licence) හි හින්දි භාෂා ප්‍රතිනිර්මාණයක්.

මෙම චිත්‍රපටයේ Emraan Hashmi, Diana Penty සහ Nushratt Bharuccha ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20