පිළිකා රෝහලේ යන්ත්‍ර අලුත්වැඩියාවට ගෙනා උපකරණ රේගුවෙන් මුදා හැරේ

පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවා ගත් උපකරණ තොගය වහාම මුදා හැරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම රඳවා ගැනීම සිදු කර ඇත්තේ එය ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාදයක් මිස රේගුවේ ප්‍රමාදයක් නිසා නොවන බවයි ඔහු කියාසිටියේ.

අදාළ උපකරණ ආනයනය කර රේගුව මගින් රඳවා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී අවධාරණය කිරීම පිළිබඳ ස්තුතිය පුද කළ අමාත්‍යවරයා කියා සිටියේ වහාම එම භාණ්ඩ නිදහස් කිරීමට නියෝග කළ බවයි.

මෙවැනි ආනයනයක දී එය පිළිකා රෝහල වෙනුවෙන් සිදු කළ ආනයනයක් බවට ලිඛිතව රේගුව වෙත දැනුම් දිය යුතු අතර රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අදාළ ලිපිය නිකුත් කළ වහාම උපකරණ මුදා හැරි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව මගින් හෝ රේගුව මගින් එවැනි රඳවා ගැනීමක් සිදු කර නොමැති අතර ඖෂධ සඳහා රජය බදු අය නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඖෂධ ආනයනයේ දී ඒවා හැකි ඉක්මණින් නිදහස් කිරීමට සැම විටම බලධාරීන් කටයුතු කරන අතර ලියකියවිලිවල යම් අඩුවක් තිබුණ ද ඒව පසුව සම්පූර්ණ කිරීමේ පදනම මත හෝ මුලින් ම සිදු කරන්නේ ඖෂධ තොගය නිදහස් කිරීමට බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?