පිළිකා රෝහලේ යන්ත්‍ර අලුත්වැඩියාවට ගෙනා උපකරණ රේගුවෙන් මුදා හැරේ

පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවා ගත් උපකරණ තොගය වහාම මුදා හැරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම රඳවා ගැනීම සිදු කර ඇත්තේ එය ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාදයක් මිස රේගුවේ ප්‍රමාදයක් නිසා නොවන බවයි ඔහු කියාසිටියේ.

අදාළ උපකරණ ආනයනය කර රේගුව මගින් රඳවා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී අවධාරණය කිරීම පිළිබඳ ස්තුතිය පුද කළ අමාත්‍යවරයා කියා සිටියේ වහාම එම භාණ්ඩ නිදහස් කිරීමට නියෝග කළ බවයි.

මෙවැනි ආනයනයක දී එය පිළිකා රෝහල වෙනුවෙන් සිදු කළ ආනයනයක් බවට ලිඛිතව රේගුව වෙත දැනුම් දිය යුතු අතර රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අදාළ ලිපිය නිකුත් කළ වහාම උපකරණ මුදා හැරි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව මගින් හෝ රේගුව මගින් එවැනි රඳවා ගැනීමක් සිදු කර නොමැති අතර ඖෂධ සඳහා රජය බදු අය නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඖෂධ ආනයනයේ දී ඒවා හැකි ඉක්මණින් නිදහස් කිරීමට සැම විටම බලධාරීන් කටයුතු කරන අතර ලියකියවිලිවල යම් අඩුවක් තිබුණ ද ඒව පසුව සම්පූර්ණ කිරීමේ පදනම මත හෝ මුලින් ම සිදු කරන්නේ ඖෂධ තොගය නිදහස් කිරීමට බව අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28