මත්තල සිට නව ගුවන් සේවයක් ගමන් අරඹයි

කසකස්තානයේ විශාලතම ගුවන් සේවය වන SCAT එයාර් ලබන මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව දක්වා මෙහෙයුම් ආරම්භ කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ කසකස්තානයේ අල්මාටි සිට හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා SCAT ගුවන් ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවයි.

මත්තල ගුවන් තොටුපළේ සිට කුලී ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ද අනුමැතිය ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

SCAT එයාර් මාර්තු 05 සිට සතියකට වරක් මත්තල සහ අල්මාටි අතර ගුවන් ගමන් සිදු කරනු ඇති.

Mattala SCAT Air
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?