කාරක සභා කිහිපයකට සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ ස්ථාපිත නව කාරක සභා කිහිපයකට සාමාජිකයන් පත් කර තිබෙනවා.

අභිනවයෙන් ස්ථාපිත කළ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා යි මෙලෙස සාමාජිකයන් පත් කර ඇත්තේ.

තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 හි විධිවිධාන සහ පසුගිය 10 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුවයි ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සඳහා මෙලෙස මන්ත්‍රීවරුන් නම්කර ඇත්තේ.

මේ අනුව නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පාඨලී චම්පික රණවක, වාසුදේව නානායක්කාර, අශෝක් අබේසිංහ, එස්. එම්. එම්. මුෂාරෆ්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඉෂාක් රහුමාන් මහතා, හේෂා විතානගේ මහතා, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මහත්වරු පත් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 123 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර ඇත්තේ.

මේ අනුව පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, හරීන් ප්‍රනාන්දු මහතා, ජීවන් තොන්ඩමන්, ශෙහාන් සේමසිංහ, තාරක බාලසූරිය, සී. බී. රත්නායක, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, නාලක ගොඩහේවා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ. සී. අලවතුවල, සිවඥානම් ශ්‍රීතරන්, හෙක්ටර් අප්පුහාමි, අකිල එල්ලාවල සහ ගරු වරුණ ලියනගේ යන මන්ත්‍රීවරුන් ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙලෙස නම් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරවයි ඊට මෙලෙස මන්ත්‍රීවරයන් නම්කර ඇත්තේ.

මේ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල්, චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, බී. වයි. ජී. රත්නසේකර, එම්. ඒ. සුමන්තිරන්, චමින්ද වි‍ජේසිරි මහතා, සම්පත් අතුකෝරල, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, යදාමිණී ගුණවර්ධන සහ රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙලෙස නම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38