Fly high Get bonus Aviator Phone

කාරක සභා කිහිපයකට සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ ස්ථාපිත නව කාරක සභා කිහිපයකට සාමාජිකයන් පත් කර තිබෙනවා.

අභිනවයෙන් ස්ථාපිත කළ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා යි මෙලෙස සාමාජිකයන් පත් කර ඇත්තේ.

තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 හි විධිවිධාන සහ පසුගිය 10 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුවයි ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සඳහා මෙලෙස මන්ත්‍රීවරුන් නම්කර ඇත්තේ.

මේ අනුව නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පාඨලී චම්පික රණවක, වාසුදේව නානායක්කාර, අශෝක් අබේසිංහ, එස්. එම්. එම්. මුෂාරෆ්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඉෂාක් රහුමාන් මහතා, හේෂා විතානගේ මහතා, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මහත්වරු පත් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 123 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර ඇත්තේ.

මේ අනුව පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, හරීන් ප්‍රනාන්දු මහතා, ජීවන් තොන්ඩමන්, ශෙහාන් සේමසිංහ, තාරක බාලසූරිය, සී. බී. රත්නායක, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, නාලක ගොඩහේවා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ. සී. අලවතුවල, සිවඥානම් ශ්‍රීතරන්, හෙක්ටර් අප්පුහාමි, අකිල එල්ලාවල සහ ගරු වරුණ ලියනගේ යන මන්ත්‍රීවරුන් ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙලෙස නම් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරවයි ඊට මෙලෙස මන්ත්‍රීවරයන් නම්කර ඇත්තේ.

මේ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල්, චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, බී. වයි. ජී. රත්නසේකර, එම්. ඒ. සුමන්තිරන්, චමින්ද වි‍ජේසිරි මහතා, සම්පත් අතුකෝරල, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, යදාමිණී ගුණවර්ධන සහ රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙලෙස නම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 2ක් වටින ඩීසල් ඇදලා පොලීසියට මාට්ටු වුණ අයියලට වැඩ වරදී
01:50
Video thumbnail
කොට්ටාවේ නිවසක හිටිහැටියේම හටගත් ගින්නකින් තරුණියක් ජීවිතක්ෂයට
02:38
Video thumbnail
දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජන ගඟක් මහ වාද්දුවට
04:29
Video thumbnail
මුළු නුවරඑළියම පිරිවරාගත් නන්දෙසින් පැමිණි විශාල ජන ගඟක්
03:40
Video thumbnail
ඕන්නම් මූණේ ගාගන්නද මේ මේ......ඔයාට පුළුවන්ද බෑනේ.....!
00:57
Video thumbnail
තම ව්‍යාපාරය දනට පිනට කැපකරමින් පිපාසය නිවූ අපූරු දන්සැල
03:23
Video thumbnail
බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කරන්න හරිනි අගමැතිනිත් එක්වෙයි
09:55
Video thumbnail
මව්පියන් පවා අහිමි වූ සයමස් බිළිදාට වෙන්න යන දේ ?
03:14
Video thumbnail
අලදෙණිය උණුසුම් කළ බස් අනතුර - සිද්ධියට මුහුණ පෑ පුද්ගල සාක්ෂි සහිතයි
03:21
Video thumbnail
රෝහල් ප්‍රතිකාර ලබන දරුවන් තිදෙනාගේ සුව දුක් බැලීමට ආ මාලිමාවේ ප්‍රභලයෙක්
08:45

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?