සුනඛ පැටව් දෙදෙනෙකු වාහනයට යටකර මරා දැමූ කතට ඇප

සුනඛ පැටව් දෙදෙනෙකු යටකර මරාදැමීමට සම්බන්ධ සැකකාරියක් මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සුනඛ පැටව් දෙදෙනෙකු හිතා මතා මෝටර් රථයට යටකර ඝාතනය කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ CCTV දර්ශන පෙළක් සම්බන්ධයෙන් පසුගිය 18 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

අදාළ කාන්තාව අධිකරණයේ දී තමන් සිදුකළ වරද පිළිගෙන ඇති අතර, එම නඩුව ජුනි මස 01 වනදා යළි කැඳවීමට තීරණය කෙරුණා.

මාස දෙකක් පමණ වයසැති අදාළ සුනඛ පැටව් දෙදෙනා කිසියම් පුද්ගලයෙකු විසින් මාර්ගයට ගෙනවිත් දමා ඇති බවයි වාර්තා වුණේ.

ඊට දින කිහිපයකට පසු එනම් පසුගිය 17 වන දින පස්වරුවේ පදියපැලැල්ල – රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ කඳුරකඩේ ප්‍රදේශයේ දී එම සුනඛ පැටව් දෙදෙනා මෝටර් රථයකින් යටකර අනතුරට ලක්කරන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබුණා.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුවයි සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව මතුරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුරට, ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?