සුනඛ පැටව් දෙදෙනෙකු වාහනයට යටකර මරා දැමූ කතට ඇප

සුනඛ පැටව් දෙදෙනෙකු යටකර මරාදැමීමට සම්බන්ධ සැකකාරියක් මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සුනඛ පැටව් දෙදෙනෙකු හිතා මතා මෝටර් රථයට යටකර ඝාතනය කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ CCTV දර්ශන පෙළක් සම්බන්ධයෙන් පසුගිය 18 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

අදාළ කාන්තාව අධිකරණයේ දී තමන් සිදුකළ වරද පිළිගෙන ඇති අතර, එම නඩුව ජුනි මස 01 වනදා යළි කැඳවීමට තීරණය කෙරුණා.

මාස දෙකක් පමණ වයසැති අදාළ සුනඛ පැටව් දෙදෙනා කිසියම් පුද්ගලයෙකු විසින් මාර්ගයට ගෙනවිත් දමා ඇති බවයි වාර්තා වුණේ.

ඊට දින කිහිපයකට පසු එනම් පසුගිය 17 වන දින පස්වරුවේ පදියපැලැල්ල – රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ කඳුරකඩේ ප්‍රදේශයේ දී එම සුනඛ පැටව් දෙදෙනා මෝටර් රථයකින් යටකර අනතුරට ලක්කරන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබුණා.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුවයි සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව මතුරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුරට, ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියක්.

  1. මිනිහෙක් යටකරලා මැරුවත් සතෙකු යට කරලා මැරුවත් ජීවිත ජීවිතමයි. මිනිසුන්ට වගේම සමාන අයිතියක් සත්තුන්ටත් තියෙනවා. දැනෙන්න දඩුවමක් දෙන්න ඕනේ අනිත් අයටත් ඒක පාඩමක් වෙන්න. නැත්නම් අනිත් හිත් පින් නැති අමනයෝ මේ වගේ සත්තුන්ට හින්සා කරනවා.

  2. පාරට ගෙනත් දාපු එකාව කැමරාවට ආවෙ නැතිද ඔය කියන සන්විදාන මුලින්ම සොයාගන්න පාරට ගෙනත් දාපු එකාව අන්න ඌට කලින් නඩු දාන්න පාරට ගෙනත් දාපු නිසානෙ වාහනේට යටවුනේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48