සිරියාවේ සහ තුර්කියේ භූ කම්පනවලින් මියගිය ගණන 46000 ඉක්මවයි

තුර්කියේ සහ සිරියාවේ සිදුවූ දැවැන්ත භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 46000 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් පුවත් සේවා සඳහන් කළේ තුර්කියේ මහල් නිවාස 264000ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

භූමිකම්පාවෙන් දින 12කට පසු, දකුණු තුර්කියේ ඇන්ටාක්යා නගරයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිටි පස් දෙනෙකුගෙන් යුත් සිරියානු පවුලක් බේරා ගැනීමට සහන කණ්ඩායම් දැවැන්ත උත්සාහයක නිරත වූ බවයි වාර්තා වන්නේ.

එහිදී මව සහ පියා සහ කුඩා දරුවෙකු ජිවතුන් අතර සිටියදී බේරා ගැනුණ ද දරුවා විජලනය වීමෙන් මිය ගිය බව ගලවා ගැනීමේ කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.

එම පවුලේ තවත් දරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට හැකිවී නැහැ.

තුර්කියේ මරණ සංඛ්‍යාව 40,642 ක් වන අතර අසල්වැසි සිරියාවේ මරණ 5,800 කට වඩා වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17