ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා (21) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එදින පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කැළණිය, ප්‍රංශවත්ත පාර සහ සරසවි මාවතේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ අනුව වත්තල, හැඳල, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, නායකකන්ද, ගලහදූව සහ මරදාන පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

මීට අමතරව හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියාතුඩුව පාර සහ දළුපිටිය පාර සිට අක්බාර් ටවුන් පාලම දක්වා ද ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?