හදිසියේ කඩා වැටුණු දත් ඇන්ද රැගෙන කාන්තාවක් පොලිසි යයි (ඡායාරූප)

”අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53000 දිලා දත් ඇන්ඳක් දාගත්තා.මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට කඩා වැටුණා.සර් මට සාධාරණයක් කරලා දෙන්න” යැයි දත් ඇන්දක් අත්ල මත තබාගෙන පොලිස් ස්ථානාධිපතිගේ නිල කාමරයට පැමිණි කාන්තාවක් හඬා වැටුණු සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වනවා.

”සර් මගේ වයස තවම අවුරුදු පනස් අටයි, අපිත් ගැහැනුනේ සර්,මොකද කඩල විකුණුවා කියලා,අපිත් ලස්සනට ඉන්න කැමතියිනේ සර්, මේවා මංකොල්ල කාපු සල්ලි නෙමෙයි සර්, දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි.පෙරුම් පුරලා පුරලා මේ දත් ඇන්ද හදා ගත්තේ, මේ බලන්න උන් මගෙන් 53000 ගත්තා මදිවට මාව යකින්නියක් කරලා.කණ්ණාඩියෙන් බලනකොට දැක්කේ මගේ තිබුණු දත් ටික උල් කරලා සර් මේ දත් ඇන්ද අටවල තියෙන්නෙ, ඇන දාල නෙමෙයි”යැයි පවසමින් තම මුව විවර කර ස්ථානාධිපතිවරයාට පෙන්වා ඇති කාන්තාව මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බොරැල්ල ස්ථානාධිපති ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම කාන්තාවගේ උඩු ඇන්දේ එක දිගට දත් කීපයක් අහිමිවී තිබීම හේතුවෙන් එයින් මතුවන අවලස්සන නැති කර ගැනීමට ඇය බොරැල්ල ප්‍රදේශයේ දන්ත ශල්‍යාගාරයකට ගොස් මීට මාස පහකට පෙර රුපියල් 53000 ක් වැයකර මෙම දත් ඇන්ද සවිකරගෙන ඇති බව පොලිසිය පැවසුවා.

කෙසේ වෙතත් එසේ සවිකළ දත් ඇන්ද වෘත්තියෙන් කඩල තම්බා විකිණීම සිදුකරන මෙම කාන්තාවගේ කඩල බේසමට පෙරේදා කඩා වැටී ඇති බව ඇය කළ පැමිණිල්ලේ සදහන්.

එය සලකා බැලූ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අදාල දන්ත ශල්‍යාගාරයේ කළමනාකරු හා කාන්තාව ඉදිරි දිනක ගෙන්වා ගැටලුව නිරාකරණය කර දීමට මැදිහත්වී තිබුණා.

WhatsApp Image 2023 02 16 at 12.49.23
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?