හදිසියේ කඩා වැටුණු දත් ඇන්ද රැගෙන කාන්තාවක් පොලිසි යයි (ඡායාරූප)

”අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53000 දිලා දත් ඇන්ඳක් දාගත්තා.මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට කඩා වැටුණා.සර් මට සාධාරණයක් කරලා දෙන්න” යැයි දත් ඇන්දක් අත්ල මත තබාගෙන පොලිස් ස්ථානාධිපතිගේ නිල කාමරයට පැමිණි කාන්තාවක් හඬා වැටුණු සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වනවා.

”සර් මගේ වයස තවම අවුරුදු පනස් අටයි, අපිත් ගැහැනුනේ සර්,මොකද කඩල විකුණුවා කියලා,අපිත් ලස්සනට ඉන්න කැමතියිනේ සර්, මේවා මංකොල්ල කාපු සල්ලි නෙමෙයි සර්, දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි.පෙරුම් පුරලා පුරලා මේ දත් ඇන්ද හදා ගත්තේ, මේ බලන්න උන් මගෙන් 53000 ගත්තා මදිවට මාව යකින්නියක් කරලා.කණ්ණාඩියෙන් බලනකොට දැක්කේ මගේ තිබුණු දත් ටික උල් කරලා සර් මේ දත් ඇන්ද අටවල තියෙන්නෙ, ඇන දාල නෙමෙයි”යැයි පවසමින් තම මුව විවර කර ස්ථානාධිපතිවරයාට පෙන්වා ඇති කාන්තාව මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බොරැල්ල ස්ථානාධිපති ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම කාන්තාවගේ උඩු ඇන්දේ එක දිගට දත් කීපයක් අහිමිවී තිබීම හේතුවෙන් එයින් මතුවන අවලස්සන නැති කර ගැනීමට ඇය බොරැල්ල ප්‍රදේශයේ දන්ත ශල්‍යාගාරයකට ගොස් මීට මාස පහකට පෙර රුපියල් 53000 ක් වැයකර මෙම දත් ඇන්ද සවිකරගෙන ඇති බව පොලිසිය පැවසුවා.

කෙසේ වෙතත් එසේ සවිකළ දත් ඇන්ද වෘත්තියෙන් කඩල තම්බා විකිණීම සිදුකරන මෙම කාන්තාවගේ කඩල බේසමට පෙරේදා කඩා වැටී ඇති බව ඇය කළ පැමිණිල්ලේ සදහන්.

එය සලකා බැලූ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අදාල දන්ත ශල්‍යාගාරයේ කළමනාකරු හා කාන්තාව ඉදිරි දිනක ගෙන්වා ගැටලුව නිරාකරණය කර දීමට මැදිහත්වී තිබුණා.

WhatsApp Image 2023 02 16 at 12.49.23
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16