විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අද

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (15) දිනයේ දී දැනුම්දීමට නියමිතව තිබෙනවා.

සියයට 66ක අගයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දා යෝජනාවක් ගෙන එනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය ලබා නොදීමටයි කටයුතු කරනු ලැබුවේ.

එම තීරණයත් සමඟ මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය අතර ඇතිවූයේ අර්බුදකාරී තත්ත්වයක්.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන්නේ නම් ඉදිරියේ දී බරපතල අර්බුදයකට මුහුණදීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කර සිටිනවා.

ඒ, අනුව ඉදිරියේ දී ගල්අගුරු ආනයන කිරීමට පවා මුදල් නොමැතිවීම නිසා දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවධානමක් ද පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර සියයට 66ක ගාස්තු ඉහළ දැමීම වෙනුවට විදුලි ගාස්තු සියයට 36කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව එම කොමිසමේ සෙසු සාමාජිකයන් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42