ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නියට දඩ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනීට දඩ මුදලක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල චර්යාධර්ම සංග්‍රහයේ 01 වන මට්ටමේ චර්යා ධර්ම කඩ කිරීමක් හේතුවෙන් ඇයට මෙම දඩ මුදල පැනවීමට තීරණය කර ඇති බව සඳහන්.

2023 පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගියදා නිමා වූ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගය අතර තුර අනුෂ්කා සංජීවනී අදාළ චර්යා ධර්මය උල්ලංඝණයකර ඇති බවයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනය කරන්නේ.

බංග්ලාදේශ ඉනිමේ සෝභනා මොස්ටාරි දැවී යාමෙන් පසු සංජීවනී පිතිකාරිනිය දෙසට ආක්‍රමණශීලී ලෙස දිව ගොස් සිදුකළ සැමරීමෙන් මෙලෙස චර්යා ධර්මය උල්ලංඝණය වී ඇති බවයි එම කවුන්සිලය පවසන්නේ.

මෙහිදී දඩ මුදලට අමතරව සංජීවනීගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුණක් ද එකතු කර තිබෙනවා.

තරඟ තීරක මණ්ඩලයේ G.S. ලක්ෂ්මි ඉදිරියේ අනුෂ්කා සංජීවනී මෙම ක්‍රියාව පිළිබඳ වරද පිළිගැනීම නිසා ඒ පිළිබඳව වැඩිදුර විභාගයක් අවශ්‍ය නොවන බවටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතේ පිතිකරුවෙකු දැවී යාමේදී ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වෙත කිසියම් භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිතා කිරීම වරදක් ලෙස දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40
Video thumbnail
වෙනස්ම සුභ පැතුමක් දුන්න ගම්මන්පිල.."සුභවේවා කිව්ව පමණින් සුභ වෙන්නේ නෑ"
01:11
Video thumbnail
මල් වෙ#වලින් මුළු අහසම වර්ණවත් වුණ ගාලුමෝදර..මිනිස්සු ජය ඝෝෂා නගමින් නව අවුරුද්ද පිළිගයි
00:58
Video thumbnail
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතරගම දෙවිඳුගෙන් ආශීර්වාද ලබා ගන්න එයි
01:13
Video thumbnail
බෙන්තර සංචාරක කලාපයේ 2026 අලුත් අවුරුඩදු උදාව සමරපු හැටි
01:21


?