ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නියට දඩ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනීට දඩ මුදලක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල චර්යාධර්ම සංග්‍රහයේ 01 වන මට්ටමේ චර්යා ධර්ම කඩ කිරීමක් හේතුවෙන් ඇයට මෙම දඩ මුදල පැනවීමට තීරණය කර ඇති බව සඳහන්.

2023 පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගියදා නිමා වූ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගය අතර තුර අනුෂ්කා සංජීවනී අදාළ චර්යා ධර්මය උල්ලංඝණයකර ඇති බවයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනය කරන්නේ.

බංග්ලාදේශ ඉනිමේ සෝභනා මොස්ටාරි දැවී යාමෙන් පසු සංජීවනී පිතිකාරිනිය දෙසට ආක්‍රමණශීලී ලෙස දිව ගොස් සිදුකළ සැමරීමෙන් මෙලෙස චර්යා ධර්මය උල්ලංඝණය වී ඇති බවයි එම කවුන්සිලය පවසන්නේ.

මෙහිදී දඩ මුදලට අමතරව සංජීවනීගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුණක් ද එකතු කර තිබෙනවා.

තරඟ තීරක මණ්ඩලයේ G.S. ලක්ෂ්මි ඉදිරියේ අනුෂ්කා සංජීවනී මෙම ක්‍රියාව පිළිබඳ වරද පිළිගැනීම නිසා ඒ පිළිබඳව වැඩිදුර විභාගයක් අවශ්‍ය නොවන බවටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතේ පිතිකරුවෙකු දැවී යාමේදී ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වෙත කිසියම් භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිතා කිරීම වරදක් ලෙස දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47