පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂයක් කැපූ අසල්වැසියා අත්අඩංගුවට

ඉඩම් ආරවුලක් හේතුවෙන් අසල්වැසියන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමකින් පසු එක් පුද්ගලයෙක් තියුණූ ආයුධයකින් අනෙක් පුද්ගලයාගේ වෘෂණ කෝෂයක් කැපූ පුවතක් බදුල්ල, සූරියගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ පුද්ගලයා රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (13) රාත්‍රියේ බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටමාරුව, සූරියගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක අවිවාහක පුද්ගලයෙක්.

තුවාල ලැබූ පුද්ගලයා තම වගා භූමියට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී අසල්වැසි මිතුරා ඊයේ රාත්‍රියේ ගමන් කළ මාර්ගයේ සැඟව සිට ඇති වූ බහින් බස් වීමකින් පසු සැකකරු අනෙක් පුද්ගලයාගේ සරම ගලවා අතෙහි වූ තියුණු ආයුධයකින් එක් වෘෂණ කෝෂයක් කපා තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් හා ගම්වාසීන් විසින් වහාම රෝබේරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධ සැකකරු අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත බවයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මඩොල්සිම පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23