තුර්කියට සහ සිරියාවට උදව්කරන මුවාවෙන් මුදල් එකතුකරන ජාත්‍යන්තර ජාවාරමක් (ඡායාරූප)

තුර්කියට සහ සිරියාවට පසුගිය 06 වනදා බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 36,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

ඒ අනුව තුර්කියේ 31,643ක සංඛ්‍යාවක් සහ සිරියාවේ පුද්ගලයින් 4,614ක සංඛ්‍යාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දෙරටේම බලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම මුදවාගැනීමේ කණ්ඩායම් තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වයඹ දිග සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශ වෙත ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ ලබාදීමට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් එකඟ වී තිබෙනවා.

භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 ක ජනතාවකට නිවාස අහිමි විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධායන ඇස්තමේන්තු කර තිබෙනවා.

එමෙන්ම තුර්කියේ සහ සිරියාවේ 900,000 කට ආසන්න පිරිසකට ආහාර පාන ඇතුළු හදිසි ද්‍රව්‍යවල අවශ්‍යතාවයක් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම ව්‍යසනයෙන් අසරණ වූ පිරිස් වෙත උපකාර කරන බව පවසා ඇතැම් පිරිස් මුදල් රැස් කිරීමේ වංචාවන් සිදුකර ගෙන යන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වංචාකරුවන් විසින් වැඩි වශයෙන් TikTok යෙදවුම ඔස්සේ ව්‍යසනයේ දර්ශන සහ ගලවා ගැනීමේ උත්සාහයන් පෙන්වන රූපවාහිනීවල පටිගත කිරීම් සජීවීව ප්‍රචාරය කරමින් මෙලෙස මුදල් ඉපයීමේ ජාවාරමේ නිරතවන බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් විසින් “තුර්කියට උදව් කරමු”, “තුර්කිය වෙනුවෙන් යාඥා කරන්න” සහ “භූකම්පා විපතට පත් වූවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න” වැනි සිරස්තල යොදයෙන මෙම වීඩියෝ පට සජීවීව විකාශය කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56