ජනප්‍රිය රැප් ගායකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ජනප්‍රිය රැප් ගායකයෙකු වන දකුණු අප්‍රිකානු ජාතික කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි රාත්‍රී අවන්හලක් අසල මෙම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කීර්නන් සමඟ තවත් පුද්ගලයෙකු ද මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ රැප් ගායක කීර්නන්ගේ මිතුරෙක් බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබෙනවා.

1988 ජනවාරි 28 වන දින දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි උපත ලැබූ කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් මෙලෙස ඝාතනයට ලක්වන විට 35 හැවිරිදි වියේ පසු වුණා.

AKA නමින් හැඳින්වෙන මෙම රැප් ගායකයා දකුණු අප්‍රිකානු සම්මාන කිහිපයක් ද හිමිකරගෙන තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය ගැන නාමල්ට කතා කරන්නවත් අයිතියක් නෑ - විහිළුවක්
04:28
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01