ෆෙඩරල් දිනා ගැනීමකින් මිස පසු නොබසින බව විග්නේෂ්වරන් කියයි

ෆෙඩරල් දේශපාලන විසදුමක් කෙසේ හෝ දිනා ගන්නා බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසනවා.

පාර්ලිමේන්තුවේ නව සභා වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

13 වන සංශෝධනය බලාත්මක කිරීම යහපත් තත්ත්වයක් වුවත් එමඟින් දෙමළ ජනතාවගේ සියලු ගැටළුවලට විසදුම් නොලැබෙන බව මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මෙහිදී සඳහන් කළා.

13 වන සංශෝධනය බලාත්මක කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් එල්ලවන විරෝධතා හමුවේ සිදුවිය හැකි දේ පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර 13 වන සංශෝධනය බලාත්මක කිරීමට ජනාධිපතිවරයා ඡන්දයකට ගොස් ජන වරමක් ලබාගත යුතු බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.

13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති විරෝධතාවකට එක්වෙමිනුයි උන් වහන්සේ මේ බව කියා සිටියේ.

13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහි විරෝධතා පාගමන අද පෙරවරුවේ ආරම්භ වුණේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින්.

ඊට එක්ව සිටි භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටි අතර උන්වහන්සේලා පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සහ කළා.

එහෙත් පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයෙන් ඉදිරියට වැඩම කිරීමට එම විරෝධතාවයට එක්ව සිටි භික්ෂූන් වහන්සේලාට පොලීසිය ඉඩ ලබාදුන්නේ නැහැ. ඒ හේතුවෙන් එහි උණුසම් තත්ත්වයක් ද ඇති වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13