spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆෙඩරල් දිනා ගැනීමකින් මිස පසු නොබසින බව විග්නේෂ්වරන් කියයි

ෆෙඩරල් දේශපාලන විසදුමක් කෙසේ හෝ දිනා ගන්නා බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසනවා.

පාර්ලිමේන්තුවේ නව සභා වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

13 වන සංශෝධනය බලාත්මක කිරීම යහපත් තත්ත්වයක් වුවත් එමඟින් දෙමළ ජනතාවගේ සියලු ගැටළුවලට විසදුම් නොලැබෙන බව මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මෙහිදී සඳහන් කළා.

13 වන සංශෝධනය බලාත්මක කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් එල්ලවන විරෝධතා හමුවේ සිදුවිය හැකි දේ පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර 13 වන සංශෝධනය බලාත්මක කිරීමට ජනාධිපතිවරයා ඡන්දයකට ගොස් ජන වරමක් ලබාගත යුතු බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.

13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති විරෝධතාවකට එක්වෙමිනුයි උන් වහන්සේ මේ බව කියා සිටියේ.

13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහි විරෝධතා පාගමන අද පෙරවරුවේ ආරම්භ වුණේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින්.

ඊට එක්ව සිටි භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටි අතර උන්වහන්සේලා පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සහ කළා.

එහෙත් පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයෙන් ඉදිරියට වැඩම කිරීමට එම විරෝධතාවයට එක්ව සිටි භික්ෂූන් වහන්සේලාට පොලීසිය ඉඩ ලබාදුන්නේ නැහැ. ඒ හේතුවෙන් එහි උණුසම් තත්ත්වයක් ද ඇති වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?