අනියම් පෙමේ පැටළුණු බිරිඳට සහ පෙම්වතාට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්

තම බිරිඳව සහ ඇය සමඟ අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බව කියන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදුකළ බව කියන සැමියෙක් අත්අඩංගුවට ගැනීමට ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේ පාළු මාර්ගයක දී ඊයේ (06) රාත්‍රියේ සැකකරු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ආරච්චිකට්ටුව, වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක කාන්තාව සහ වයස අවුරුදු 39ක පිරිමි පුද්ගලක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනා ආනවිළුන්දාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා අසල්වැසියන් බවත්, ඔවුන් දෙදෙනා අතර කාලයක සිට අනියම් සම්බන්ධතාවයක් තිබී ඇති බවයි පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

මොවුන් දෙදෙනාටම විවාහ වන වයසේ දරුවන් සිටින බව ද පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරච්චිකට්ටුව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27