මිනිස් ජාවාරමකට සම්බන්ධ මාලිමාවේ මැතිවරණ අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගන්න සොයයි

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මෙරට පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමංකර මුදල් වංචා කළ පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීම් අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කේ. රුවන් පතිරණ නැමැති අයෙක් වන අතර, මීට සම්බන්ධ තවත් අයෙක් පලා ගොස් ඇති බව විදේශසේවා නීළධාරින් සඳහන් කළා.

ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔහු මෙවර පළත්පාලන මැතිවරණය සඳහා ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (06) හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පෙබරවාරි 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි නියෝග කර ඇත්තේ.

එහිදී සැකකරුට අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ලාඕසයේ අතරමංව සිටිනා ශ්‍රි ලාංකිකයින් වහාම ලංකාවට ගෙන ඒමට කටයුතු කරන ලෙසයි.

මොහු විසින් එම පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 19ක පමණ මුදක් වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, මීට සම්බන්ධ තවත් අයෙක් පලා ගොස් ඇති බව විදේශසේවා නීළධාරින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?