තම රටට අයත් බැලූනයක් අමෙරිකාව විනාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරනවා.
චීනය පවසන්නේ අමෙරිකාව ඒ සදහා හමුදාව යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
අමෙරිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිචාර දක්වන බව ද චින විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සිවිල් ගුවන් යානයක් බඳු එම බැලූනය බිම හෙළීම ප්‍රමාණය ඉක්මවා කටයුතු කිරීමක් බවයි.
එය ජාත්‍යන්තර හාවිතය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද චීනය පවසනවා.
මේ අතර ප්‍රහාර හමුවේ කඩා වැටුණු චීන බැලූනයේ කොටස් අමෙරිකාව එකතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
චීනය විසින් ඔත්තු බැලීමට යොදා ගත්තේයැයි චෝදනා එල්ල වූ බැලූනය අමෙරිකානු හමුදාව විසින් බිම හෙලනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුවයි.
අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් අමෙරිකාව විසින් එම සැකකටයුතු චීන බැලූනය බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
F – 22 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක ආධාරයෙන් එම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.














MONA F-22 DHA. EKA SAM (Surface TO Air Missile) TYPE MISSLE EKAKIN BLASRT KALEYI. USA walata kohomath salli wadhyi. Show danawa loketama penna. Kumbiyek aranna Bull Dozer karala maruwa wageyi gonw edak. okata udin Chopper ekak yawala eka hook karala to tag karala bimata genawa nam iwarayi ne.