බැලූනයේ අර්බුදය දුරදිග යයි

තම රටට අයත් බැලූනයක් අමෙරිකාව විනාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරනවා.

චීනය පවසන්නේ අමෙරිකාව ඒ සදහා හමුදාව යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

අමෙරිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිචාර දක්වන බව ද චින විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සිවිල් ගුවන් යානයක් බඳු එම බැලූනය බිම හෙළීම ප්‍රමාණය ඉක්මවා කටයුතු කිරීමක් බවයි.

එය ජාත්‍යන්තර හාවිතය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද චීනය පවසනවා.

මේ අතර ප්‍රහාර හමුවේ කඩා වැටුණු චීන බැලූනයේ කොටස් අමෙරිකාව එකතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනය විසින් ඔත්තු බැලීමට යොදා ගත්තේයැයි චෝදනා එල්ල වූ බැලූනය අමෙරිකානු හමුදාව විසින් බිම හෙලනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුවයි.

අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් අමෙරිකාව විසින් එම සැකකටයුතු චීන බැලූනය බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

F – 22 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක ආධාරයෙන් එම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ඇමති දැන් පොර ටෝක් දෙනවා - තිස්සකුට්ටි සැරටම දෙයි..පළපුරුදු ජනපතිලා තාමත් ජීවතුන් අතර ඉන්නවා
04:18
Video thumbnail
සපත්තු දෙකක් නැතුව පොලිස් මහත්තයා රාජකාරිය කරන්නේ..පාර වතුරට යටවෙලා..ෆුල් ට්‍රැෆික් එක
01:42
Video thumbnail
දික්ඔයේ අඹුසැමි යුවලක් එළොව යැවූ සැකකරුගේ CCTV දර්ශන එළියට..පොලිසිය මහජන සහය පතයි
01:38
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33