රෝගාතුර වූ කාන්තාවක් අතර මඟදී බසයෙන් බස්සවලා – රෝහලට රැගෙන යද්දී ජීවිතක්ෂයට

රෝගාතුරව සිටි කාන්තාවක් අතර මඟ දී බස් රථයෙන් බැස්සවීම නිසා ඇය මහ මඟදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බුබනේස්වර් සිට බර්හම්පූර් බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිය පුත්‍රයා සමඟ ගමන් කරමින් සිටි අදාළ කාන්තාව බස් රථය තුළ දී හදිසියේ අසනීප වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා යළි නිවස බලා යමින් සිටි අතර තුරයි ඇය මෙලෙස බස් රථය තුළ දී යළි අසනීප වී ඇත්තේ.

එහිදී ඇයගේ පුත්‍රයා විසින් ඡත්‍රපූර් හෝ බර්හම්පූර්හි රෝහලකට සිය මව රැගෙන යන ලෙස රියදුරුට සහ කොන්දොස්තරගෙන් ඉල්ලා සිටි බව සඳහන්.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති ඔවුන් දෙදෙනා සිය මව සමඟ බස් රථයෙන් බසින ලෙසට පුත්‍රයාට දන්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී බස් රථය තුළ සිටි මගීන් ද බලපෑම්කරමින් පවසා ඇත්තේ සිය මව සමඟ බස් රථයෙන් බසින ලෙසයි.

ඔවුන්ගේ බලකිරීමත් සමඟ අසනීප තත්තත්වයේ සිටි සිය මව සමඟ සුජිත් නැමැති මෙම තරුණයා බස් රථයෙන් බැස ඇති අතර, පොලිසිය පැමිණ ඇයව රෝහලට ගෙන යන තුරුම ඔවුන්ට මාර්ගයේ සිටි කිසිවකුගෙන් උදව් නොලැබී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පොලිසිය පැමිණ ඇයව රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, සුජිත් නැමැති මෙම තරුණයාට ගිලන් රථයකින් සිය මව නිවසට රැගෙන යාමට මුදල් නොමැතිවීම නිසා මෙලෙස බස් රථයෙන් ඇයව නිවස වෙත රැගෙන යාමටයි තීරණය කර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?