රෝගාතුර වූ කාන්තාවක් අතර මඟදී බසයෙන් බස්සවලා – රෝහලට රැගෙන යද්දී ජීවිතක්ෂයට

රෝගාතුරව සිටි කාන්තාවක් අතර මඟ දී බස් රථයෙන් බැස්සවීම නිසා ඇය මහ මඟදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බුබනේස්වර් සිට බර්හම්පූර් බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිය පුත්‍රයා සමඟ ගමන් කරමින් සිටි අදාළ කාන්තාව බස් රථය තුළ දී හදිසියේ අසනීප වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා යළි නිවස බලා යමින් සිටි අතර තුරයි ඇය මෙලෙස බස් රථය තුළ දී යළි අසනීප වී ඇත්තේ.

එහිදී ඇයගේ පුත්‍රයා විසින් ඡත්‍රපූර් හෝ බර්හම්පූර්හි රෝහලකට සිය මව රැගෙන යන ලෙස රියදුරුට සහ කොන්දොස්තරගෙන් ඉල්ලා සිටි බව සඳහන්.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති ඔවුන් දෙදෙනා සිය මව සමඟ බස් රථයෙන් බසින ලෙසට පුත්‍රයාට දන්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී බස් රථය තුළ සිටි මගීන් ද බලපෑම්කරමින් පවසා ඇත්තේ සිය මව සමඟ බස් රථයෙන් බසින ලෙසයි.

ඔවුන්ගේ බලකිරීමත් සමඟ අසනීප තත්තත්වයේ සිටි සිය මව සමඟ සුජිත් නැමැති මෙම තරුණයා බස් රථයෙන් බැස ඇති අතර, පොලිසිය පැමිණ ඇයව රෝහලට ගෙන යන තුරුම ඔවුන්ට මාර්ගයේ සිටි කිසිවකුගෙන් උදව් නොලැබී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පොලිසිය පැමිණ ඇයව රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, සුජිත් නැමැති මෙම තරුණයාට ගිලන් රථයකින් සිය මව නිවසට රැගෙන යාමට මුදල් නොමැතිවීම නිසා මෙලෙස බස් රථයෙන් ඇයව නිවස වෙත රැගෙන යාමටයි තීරණය කර ඇති බවයි හෙළිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43