ෆේස්බුක් ගැන අලුත් ම අනාවරණයක්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි.

ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි.

ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා.

එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල ගණන් සියයට 15කටත් වඩා වැඩි අගයකින් ඉහළ යාම කැපී පෙනෙන තත්ත්වයක්.

මෙලෙස ආදායම ඉහළ ගියද වියදම් කප්පාදු කිරීමට ෆේස්බුක් ගෙන ඇති තීරණය මෙතෙක් වෙනස් කර නැහැ.

ඒ අනුව සමාගමේ රැකියා 11,000ක් කපා හැරීමට නියමිතයි. එය ෆේස්බුක් සමස්ත සේවක පිරිසෙන් සියයයට 13ක්. එමගින් ඩොලර් බිලියන 4.6ක් ඉතිරි කර ගැනීම අපේක්ෂා වනවා.

ෆේස්බුක් සමාගම පසුගිය 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම කඩා වැටීමට මුහුණ දුන්නා.

රැකියා සහ වියදම් කප්පාදුවට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම තත්ත්වයයි.

ෆේස්බුක් සමාගමේ ඉකුත් වසරේ අවසන් මාස තුනේදී අමෙරිකානු ඩොලර් බිලියන 32.2ක ආදායම් කඩා වැටීමක් සිදුව තිබෙනවා.

එවන් පසුබිමක ගතවූ දෙසැම්බර් මාසය වනවිට ෆේස්බුක් දෛනිකව භාවිත කරන පිරිස ඉකුත් වසරට සාපේක්ෂව සියයට 4කින් ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16