දණ ගසාගෙන අවසන් ගමන් ගිය සද්දන්තයා

වෙඩි වැදී මියගිය බවට සැක කෙරෙන මියගිය වන අලියකුගේ සිරුරක් මොරගොඩ කරඳකවැව ප්‍රදේශයේ තිබී සොයා ගත් බව මොරගොඩ වනජීවී බීට්ටු කාර්යාලය පවසනවා.

මොරගොඩ වනජීවී කාර්යාලයට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී යි මොරගොඩ කරඳකවැව වැව් බැම්ම ආශ්‍රිත ප්‍රදේශයේ තිබී වන අලියාගේ එම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

කරඳකවැව වැව් බැම්ම පා මුල මිය ගොස් සිටි අලියා දැක ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව මොරගොඩ සහ රිටිගල වනජීවි කාර්යාල දැනුවත් කර තිබුණා.

නිලධාරීන් පැමිණ කළ සෝදිසි කිරීමේදී අලියාගේ පිටුපස කොටසට වෙඩි වැදී ඇති අයුරු දක්නට ලැබුණු බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා.

ගසකට හේත්තුවී දණ ගසාගෙන එම අලියා මිය ගොස් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මිය ගොස් ඇත්තේ වයස අවු 30ක් පමණ වෙතැයි අනුමාන කෙරෙන අඩි 8ක් පමණ උසැති හොඳින් වැඩුණු වන අලියෙක්.

මෙම වන අලියා වෙඩි තබා මරා දමන ලද බවට සැක කෙරෙන බවයි මොරගොඩ වනජීවී කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

මරණයට හේතුව සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වනජීවී කාර්යාලය පවසනවා.

මොරගොඩ වනජීවී කාර්යාල නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

4 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01