තරු පංතියේ හෝටලයක 23 ලක්ෂයේ බිලට පොල්ලක් තියා පුද්ගලයෙක් පළා ගිහින්

ලක්ෂ 23 කට වඩා වටිනා හෝටල් බිල්පතක් නොගෙවා පලාගිය පුද්ගලයෙක් ඊයේ දින ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුද්ගලයා ඉන්දියාවේ නව දිල්ලි හි පිහිටි ලීලා පැලස් නැමැති තරු පන්තියේ හෝටලයට ඉන්දීය රුපියල් ලක්ෂ 23 කට වැඩි බිල්පතක් නොගෙවා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ නිලධාරියෙකු ලෙස හඳුන්වමින් පසුගිය 2022 වසරේ අගෝස්තු මාසයේ දී අදාළ සුඛෝපභෝගී හෝටලයේ නවාතැන් ගැනීම සඳහා මොහු පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහු මාස තුනක පමණ කාලයක් එහි නවාතැන් ගෙන සිට ඇති අතර, පසුව හෝටලයේ වටිනා බඩු භාණ්ඩ රැසක් ද රැගෙන මාස තුනකට ගෙවීමට තිබූ ඉන්දීය රුපියල් ලක්ෂ 23 කට වැඩි බිල්පත ද නොගෙවා පලාගොස් ඇති බවයි දැන ගන්නනට ලැබුණේ.

පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අදාළ හෝටලයේ සාමාන්‍යධිකාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී ඊයේ මොහු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මොහොමඩ් ෂරීෆ් නැමැති 41 හැවිරිදි වියේ පසුවන කර්නාටක ප්‍රාන්තයේ දක්ෂිණ කන්නඩ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02