spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරු පංතියේ හෝටලයක 23 ලක්ෂයේ බිලට පොල්ලක් තියා පුද්ගලයෙක් පළා ගිහින්

ලක්ෂ 23 කට වඩා වටිනා හෝටල් බිල්පතක් නොගෙවා පලාගිය පුද්ගලයෙක් ඊයේ දින ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුද්ගලයා ඉන්දියාවේ නව දිල්ලි හි පිහිටි ලීලා පැලස් නැමැති තරු පන්තියේ හෝටලයට ඉන්දීය රුපියල් ලක්ෂ 23 කට වැඩි බිල්පතක් නොගෙවා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ නිලධාරියෙකු ලෙස හඳුන්වමින් පසුගිය 2022 වසරේ අගෝස්තු මාසයේ දී අදාළ සුඛෝපභෝගී හෝටලයේ නවාතැන් ගැනීම සඳහා මොහු පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහු මාස තුනක පමණ කාලයක් එහි නවාතැන් ගෙන සිට ඇති අතර, පසුව හෝටලයේ වටිනා බඩු භාණ්ඩ රැසක් ද රැගෙන මාස තුනකට ගෙවීමට තිබූ ඉන්දීය රුපියල් ලක්ෂ 23 කට වැඩි බිල්පත ද නොගෙවා පලාගොස් ඇති බවයි දැන ගන්නනට ලැබුණේ.

පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අදාළ හෝටලයේ සාමාන්‍යධිකාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී ඊයේ මොහු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මොහොමඩ් ෂරීෆ් නැමැති 41 හැවිරිදි වියේ පසුවන කර්නාටක ප්‍රාන්තයේ දක්ෂිණ කන්නඩ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?